Friday, November 11, 2011

ඇයි මම මැච් එක බැලුවෙ....?????


මේ පෝස්ට් එක දාන්න හිතුවෙ ශ්‍රී ලංකාවත් පාකිස්ථානයත් අතර අද පැවැත්වුනු එක්දින තරඟය නැරඹුවට පස්සෙ මගේ හිතට ඇතිවුණු කළකිරීම නිසා. මට හිතුන ඇයි මම අද මැච් එක බැලුවෙ කියල. මේක විචාරයක්වත්, විවේචනයක්වත් නෙවෙයි. මොකද ක්‍රිකට් ගැන විචාරය කරන්න තරම් මට ක්‍රිකට් පිළිබඳ දැනුමක් පරිණතභාවයක් නැහැ. මේ මට හිතෙන දේ.

මට මතකයි කවුදෝ කියනව ලෝක කුසලානෙකින් පස්සෙ ඕනෑම කණ්ඩායමක විශාල වෙනස්වීම් ඇතිවෙනව කියල. ඒක ඇත්ත වෙන්න පුළුවන්. වෙනසක් වෙලා තියෙනව කියල ඕන කෙනෙකුට තේරෙනව. නමුත් වෙන්න ඕන වෙනසද වෙලා තියෙන්නෙ කියල පොඩි සැකයක් ඇති වෙනව.

වර්ල්ඩ් කප් එක අපි පරාද වුන එක ඇත්ත. නමුත් තරඟාවලිය පුරාවටම දස්කම් දක්වපු අපේ ටීම් එක කණපිට හරවල අලුත් නායකයෙක් පත් කරල අලුත් ටීම් එකක් හදන්න තරම් වෙනසක් අපේ ටීම් එකට විය යුතුව තිබුණද කියල මට ලොකු ප්‍රශ්ණයක් තියෙනව.

සංගා ලංකාවෙ හිටපු ක්‍රිකට් නායකයො අතරින් සාර්ථකම නායකයෙක්. ලෝක කුසලානයෙ අවසන් තරය දක්වා ටීම් එක ගෙනාපු සංගාව එක තරඟයක් පරාද වුණා කියල නායකත්වයෙන් ඉවත් කළ යුතුද? ඔහු ඉල්ලා අස් වුණාද? නැත්නම් ඒ තැනට කටයුතු සිද්ධවුණාද?

කෙසේ නමුත් දැන් වෙනස සිදු වී හමාරයි. සිදුවූ වෙනස ප්‍රමාද වී හෝ ජයග්‍රාහී වෙනසක් වේවායි පතමු.

3 comments:

  1. ඔව් බං මේ දිල්ෂාන්ගේ නායක කම අන්තිම දුර්වලයි මොනවා කරන්නද වෙනත් නායකයෙක් දාන්න වත් විදියක් නැ ඔක්කොම චාටෙර් නේ

    ReplyDelete
  2. හ්ම්... මං හිතන්නේ.. සංගායි අයින් වුනේ.නායක කමටනම් එක්කෝ සංගා නැත්තම් මායියා.

    මුන් ක්‍රිකට්‌ද ගහන්නේ... යකෝ ලබන අවුරුද්දේ වර්ල්ඩ් කප් එක

    ReplyDelete
  3. මං දන්න විදිහට සංගාම තමයි අයින් වුණේ. කොහොමවුණත් ලෝක කුසලානයෙන් පස්සේ මම නම් දැන් ලංකාව සෙල්ලම් කරනවා බලන්නේ නැති තරම්.

    ReplyDelete