Friday, November 9, 2012

ආණ්ඩුවෙ ඉස්පිරිතාලයකට ගියෙමි.....

මෙය මඩ ගැසීමක් නොවේ.
---------------------------------

ස්ථානය - බාහිර රෝගී අංශය _________ ශික්ෂණ රෝහල

වේලාව - සවස 2 ට පමණ

මැදි වියේ කාන්තාවක් සිය දරුවා සහ තවත් මහලු කාන්තාවක්(මව විය යුතුයි) සමඟ රැධිර පරික්ෂාවක් සඳහා අදාළ කාමරයට පැමිණියා. රුධිර පරික්ෂාව මැදි වියේ කාන්තාවටයි.  හෙදියක් ඇයගේ අතට සිරින්ජය තබනවාත් සමඟම ඇය මහ හඬින් කෑ ගසන්නට පටන් ගත්තා. 



“අනේ නෝනා.. රිදෙනව නෝනා...ආ.... අම්මේ...“

එය දුටු සියලු දෙනාගෙම ඇසට කඳුලක් ආවෙ නිනැතින්මයි. 

කාමරයේ වූ හෙදියන්ගේ ප්‍රතිචාරය....

(ආවේගාත්මකව) “මොකද...? බබා වෙන්නද හදන්නේ....?   දඟලන්නැතුව ඉන්නවා. මෙයාව අල්ල ගන්න....“

*******************************************************

මට පුදුම හිතුනෙ ඒ සිදධියට නෙමෙයි.   කාමරයේ ගසා තිබූ පුවරුව දැකලා.

“හෙද සොහොයුරියගේ කාමරය“

*******************************************************

ලෙඩක් දුකක් හැදිල අසරණ වෙලා පිහිටක් ලබා ගන්න ආණ්ඩුවෙ ඉස්පිරිතාල වලට එන අම්මලා තාත්තල ඕන තරම් මේ වගේ අත්දැකීම් වලට මුහුණ දෙනවා. කායිකව පිරිහෙච්ච ඒ අයටව මානසිකවත් කබලන් ලිපට වැටීමක් තමයි මේ වගේ දෙබසකින් මට තේරුනේ. ඔවුන්ට අවශ්‍ය කායික ප්‍රතිකාරම පමණක් නොවේ. ඇතැම් විට ඔවුන්ට කරුණාවෙන් ආමන්ත්‍රණය කිරීමම ප්‍රබල වෙන්න පුළුවන් දෙන බෙහෙත් පෙති, කරල් වලට වඩා...

(සැබෑ කරුණාභරිත හෙද සොයුරියන් නැතුවා නොවේ.)




Tuesday, November 6, 2012

තේ දළු නෙලන්නීට.....


ලොදිළු දින පතිඳු පෙරඹර නඟින                විට
මේකුළු පටින් ගිලිහෙයි බොල් තුසර          කැට
ඒ අළුය මෙහි රසවත් වන හැටට                හැට
තේදළු නෙළන යුවතියෙ කවි කියමි            තිට

මද හස මුවඟ පෙර පෙර පෙම් මක            රන්ද
පැද කුනු කරන් ඉඟ සුඟ මත සැප            බැන්ද
හොඳ යව්වනියෙ ලැබගත් සිරි මන            රන්ද
අද ඔබ නිසා ඔප වෙයි ගුරුවල                 කන්ද

කිටි කිටි ගගා ලෙල වෙන තාලයට            අතේ
අටියෙන් නැගේ සප්සර පන්සිළුගේ          තතේ
පිටි සර රුසිරු යව්වන හුරු බුහුටි              කතේ
දිටි වුන් ඔබට ආසිරි පිණි ඉසිනු                ඇතේ

මුදු බඳ වසා ඇඳ මල් ඉතිරුන                   රෙද්ද
සුදු රෙදි කඩින් හිස මත සෙවනක්              ඇද්ද
ඉදු යව්වනියෙ දින රද හිරිහැර                   දෙද්ද
නුදු රෙන් හමන සුළඟෙන් සැනසිලි          නැද්ද

විඳ දල වෙහෙස දුක් දොම්නස් ගැහැට          සිඳ
රැඳ වෙන වෙලාවට නිල් තේ පඳුරු              මැද
ඔද ගන්වමින් නව නළු රස පෙරට                ඇද
පොද වැසි සුළං තිට හං කිති කවන                වද

දිවි පරිසරය රසවත් ලෙස අනා                 ගතේ
පිවිතුරු කරන අටියෙන් දිරි දමා                හිතේ
පෙවි පෙවි සිසිලෙ රැඳුනත් දළු නෙලන     කතේ
නිවි සැනසිල්ලෙ සැනසෙනු  ඇඟ විඩා     ඇතේ

පේමය රකින ඔය හැමගෙම රුසිරු               අග
සාමය පෙරනු ඇත සැනසුම කරයි                 දඟ
මේකිය මනට උරනක් හෙම නොවනු            දිග
හා ඔය පැසට රිදෙනව ඇති සිඟිති                 ඉඟ

කන් කළු මිහිරි මුවඟින් නිරතුරුව                බිනු
ගැන් වී සෙනේහය රස කැළ වෙතට           දෙනු
පෙම් බර උවැසියේ මදහස කරන              ගොනු
චන් දන කපුරු කිම තිට තව සිනහ             වෙනු

තේ දළු නෙලන්නීට.....


මේක මගේ නිර්මාණයක් නොවේ.  පරණ පොත් ගොඩක් අවුස්සද්දි හම්බවුනු පැරණි සඟරාවක පළ වෙච්ච ලස්සන කවි පන්තියක්. කියවලම බලන්නකෝ.... (අයිතිය මුල් කිවිඳු සතුය.)


( 1952 සැප්තැම්බර් - ඔක්තෝබර්,  සාන්ති සඟරාව 17 කලාපය )



















ලොදිළු දින පතිඳු පෙරඹර නඟින                විට
මේකුළු පටින් ගිලිහෙයි බොල් තුසර          කැට
ඒ අළුය මෙහි රසවත් වන හැටට                හැට
තේදළු නෙළන යුවතියෙ කවි කියමි            තිට

මද හස මුවඟ පෙර පෙර පෙම් මක            රන්ද
පැද කුනු කරන් ඉඟ සුඟ මත සැප            බැන්ද
හොඳ යව්වනියෙ ලැබගත් සිරි මන            රන්ද
අද ඔබ නිසා ඔප වෙයි ගුරුවල                 කන්ද

කිටි කිටි ගගා ලෙල වෙන තාලයට            අතේ
අටියෙන් නැගේ සප්සර පන්සිළුගේ          තතේ
පිටි සර රුසිරු යව්වන හුරු බුහුටි              කතේ
දිටි වුන් ඔබට ආසිරි පිණි ඉසිනු                ඇතේ

මුදු බඳ වසා ඇඳ මල් ඉතිරුන                   රෙද්ද
සුදු රෙදි කඩින් හිස මත සෙවනක්              ඇද්ද
ඉදු යව්වනියෙ දින රද හිරිහැර                   දෙද්ද
නුදු රෙන් හමන සුළඟෙන් සැනසිලි          නැද්ද

විඳ දල වෙහෙස දුක් දොම්නස් ගැහැට          සිඳ
රැඳ වෙන වෙලාවට නිල් තේ පඳුරු              මැද
ඔද ගන්වමින් නව නළු රස පෙරට                ඇද
පොද වැසි සුළං තිට හං කිති කවන                වද

දිවි පරිසරය රසවත් ලෙස අනා                 ගතේ
පිවිතුරු කරන අටියෙන් දිරි දමා                හිතේ
පෙවි පෙවි සිසිලෙ රැඳුනත් දළු නෙලන     කතේ
නිවි සැනසිල්ලෙ සැනසෙනු  ඇඟ විඩා     ඇතේ

පේමය රකින ඔය හැමගෙම රුසිරු               අග
සාමය පෙරනු ඇත සැනසුම කරයි                 දඟ
මේකිය මනට උරනක් හෙම නොවනු            දිග
හා ඔය පැසට රිදෙනව ඇති සිඟිති                 ඉඟ

කන් කළු මිහිරි මුවඟින් නිරතුරුව                බිනු
ගැන් වී සෙනේහය රස කැළ වෙතට           දෙනු
පෙම් බර උවැසියේ මදහස කරන              ගොනු
චන් දන කපුරු කිම තිට තව සිනහ             වෙනු

 ඇම්. කේ. අප්පුහාමි
පෝද්දිවල,
තල්ගස්වල.

Saturday, November 3, 2012

ආයෙත් බ්ලොග් එක ලියන්න හිතුනා....

මාස ගානක් තිස්සෙ මං මේක අත්ඇරල දාල තිබුණේ.  වෙලාවක් නැති කමටත් වඩා කම්මැලි කම.  මේ ළඟදි අපේ පැත්තට දවස් 4ක් යනකන් කරන්ට් එක තිබුනෙ නැහැ. ඒ නිසා ගෙදර නිකන් ඉන්න වෙලාවට කළේ ෆෝන් එකෙන් ඉන්ටර්නෙට් ගිහින් බ්ලොග් කියවපු එක. ඔහොම කියවද්දි තමයි හිතුනේ ආයෙ මේ පැත්තට ඇවිත් මොනවහරි බොරු ටිකක් ලියල යන්න. හ්ම්ම්.... සින්ඩියටත් ආයෙ දාන්න වෙයි වගේ.

ජයවේවා...!!!

Friday, November 2, 2012

ආයුබෝවන් !

මෙම බ්ලොගය සින්ඩියට ඇතුලත් වී ඇත්දැයි පරික්ෂා කිරීම සඳහා යොදන පෝස්ටුවකි.

Saturday, October 20, 2012

ආයුබෝවන් !

මෙය පරික්ෂා කිරීමේ පෝස්ටුවකි.

Thursday, August 23, 2012

මගෙ මනමාලිය

මැහුම් ගෙතුම් වැඩපල හොඳහැටි    දන්න
නෑ හිතවතුන් හට හොඳහැටි සල    කන්න
ආගම පිළිපදින කීකරු කම             දන්න
කවි කාරියක් මගෙ මනමාලිය        වන්න


පැරණි සඟරාවක හිත ගිය කවියක්...... කතෘ ෙනාදනිමි.....
 

Friday, May 4, 2012



සියලුම සහෘද බ්ලොග්කරුවන්ට සහ පාඨකයන්ට සුභ වෙසක් මංගල්‍යයක් වේවා !

Monday, March 5, 2012

උදව් කිරීමේ පින සහ පව...

හැම ෆ්‍රෙඩෙක්ම වැදගත් කියල කතාවක් තිබුනට මේ වගේ වාහෙල නිසා ෆ්‍රෙඩාල නැතුව හිටියනම් හොඳයි කියල හිතෙනව. මේ සිද්ධිය වෙලා දැන් මාස අටක් විතර වෙනව.

මට ඉන්නව හරි අපූරු යාලුවො දෙන්නනෙක්. උන් දෙන්නට මොකක් හරි දෙයක් දුන්නම ආයෙ ගන්න එක ගලෙන් පට්ටයක් ගන්නව වගේ. සී අයි ඩී එක වත් දාන්න වෙනව. ගෙනිච්ච දේ ආයෙ ඉල්ලුවම ගෙනිච්ච එකා කියනව අනිත් එකා ගාව කියල. උගෙන් ඇහුවම ඌ කියනව මූ ළඟ කියල. දෙන්නම එක ළඟ තියන් ඇහුවම කියනව වෙන අහවල් !@*$%#@$% ක් ළඟ කියල. ඉතින් ආයෙ මං ළගට ගන්න ටෙලිෆෝන් කෝල්ස් 20 ක් විතර මැසේජස් 10 ක් විතර දාල අතිනුත් වියදම් කරගෙන එහේ මෙහේ ගිහින් අන්තිමේදි කුණු කතාවකුත් අහගෙන තමයි ගන්න වෙන්නෙ.

දවසක් එකෙක් ආව ඩී වී ඩී එකක් ඉල්ලගෙන. උගේ පුංචිද කොහෙද ඇවිත්ලු. පොඩි එකාට දාල පෙන්නන්න හොද මූවිස් තියෙන ඩීවීඩී එකක් දෙන්නලු. ඉතින් මමත් මූ අපේ එකෙක්නෙ කියල හිතල පොඩි එකා ගැනත් හිතල මම ළඟ පොඩි අයට හරියන මූවිස් නැති නිසා මගේ මලය ළඟ තියෙන ඌ ආසම කරන ෆිල්ම් වගයක් තියෙන ඩීවීඩී එකක් දුන්න, ඌව ශේප් කරගෙන, ආයෙ දවස් දෙක තුනකින් ගෙනත් දෙන පොරොන්දුව පිට. ( මගේ දෙයක් ගෙනියනවනම් මම ආයෙ ගේන්න කියන්නෙ මාසෙකින් විතර. මොකද මම දන්නව මූට දුන්න දෙයක් ආයෙ ගන්න දවස් දෙක තුනකින් බැරි බව. ඒත් අනුන්ගෙ දෙයක් නිසා දවස් 3,4 කින් වත් ගේපන් කියල දුන්න )


දවස් දෙක සති දෙක වුනා.........

සති දෙක මාස දෙක වුනා..........



  • කෝ බන් අර ඩීවීඩී එක ?
  • මොන ඩීවීඩී එකද බන් ?

  • එදා උඹලගෙ පුංචිද කොහෙද ඇවිත් පොඩි එකාට පෙන්නන්න කියල අරං ගියේ... අපේ මල්ලිගෙන් ඉල්ලල දුන්නෙ..
  • ආ... ඒකද බං.... අනේ බං පුංචි යනකොට පොඩි එකා ඒකත් අරං ගිහින්ද කොහෙද බං.... මම හැම තැනම හෙව්වා... හොයාගන්න නෑ බං... අවුලක් නෑනෙ...


දැන් දීපංකො මල්ලිට උත්තර....