Monday, October 17, 2011

ටයි මාමා...


කාටූන් බැලීමට කවුරුත් ප්‍රිය කරති. ළමා, වැඩිහිටි, මහලු භේදයක් ඊට නැත. හිත හොඳ දොස්තර, පිස්සු පූසා, හා හා හරි හාවා.... ආදී කාටූන් ගැන කතා කරද්දී අපට නිසැකවම සිහියට නැගෙන චරිතයකි ටයිටස් තොටවත්ත මහතා.

කුඩා දරුවන් අතර ටයි මාමා නමින් ජනප්‍රිය වූ හෙතම ඔවුනට එකල මහා වීරයෙක් බඳු විය. මන්ද අදමෙන් හිසේ කෙස් ගනනට කාටුන් නොතිබුණ යුගයක සතියකට වරක් හෝ දෙවරක් විකාශනය වන කාටූනයක් පොඩිත්තන්ට මහාර්ඝ වස්තුවක් බඳු වන නිසාය.

දොස්තර හොඳ හිත, පිස්සු පූසා, රොබින් හුඩ් ආදී චරිත එකළ ළමයින් අතර සැරිසැරුවේය. ළමයින්ගේ සිහින ලෝක වල සුවිසල් චරිත බවට ඒවා පත් විය. ඒ තරමටම තොටවත්තයන්ගේ නිර්මාණ ළමුන්ට සමීප විය. ඔහුගේ නිර්මාණයක් සියැසින් නොදුටු අයෙක් මෙරට තුළ සිටිය නොහැක. විදේශ රට වලින් ගෙන්වූ එම කාටූන් වැඩසටහන් , අපේ රටට සංස්කෘතියට ගළෙපෙන සේ ඔහු සංස්කරණය කළේය. එම නිසා ඒවා වඩාත් අපට සමීප විය.

අදට වඩා තාක්ෂණය නොදියුණු යුගයක කාටූනයට හඬකවා කාටූනය අපට සමීප කළ ඔහු තූළ වූ දැක්ම මෙරට ටෙලිවිෂනයේ අනාගතයට සුබ ලකුණක් විය. ළමා ටෙලිවිෂනය විවිත්‍රවත් කළ ඔහුට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුය. ටයි මාමේ.... අපි හැමදාමත් ඔබට ආදරෙයි !

No comments:

Post a Comment