Saturday, February 11, 2012

ඇති යාන්තම්... බඩු ආවා...

මේ පෝස්ට් එක කවද දාන්න වෙයිද කියල බලාගෙනයි උන්නෙ. මාතෘකාව ටිකක් අමුතුයි අමුතුයි වගේ උනාට මේකයි සිද්ධිය. මම buyincoins.com වලින් පොඩි හාණ්ඩයක් ගත්තා. වෙන මුතකුත් නෙමේ. webcam එකක්. මෙච්චර කාලයක් තිස්සෙ අද එයි අද එයි කියල බලාන උන්න. ඒත් එන්න එන්නම පහු ගියා. අන්තිමේදි ඔන්න ඊයෙ ආවා. හරියටම දවස් 28 ක් ගියා. චීනෙ මේ දවස් වල අවුරුද්දලු. ඒකලු පහු ගියේ. දන්න අය කිව්වෙ එහෙම. කොහොම හරි කමක් නැහැ ආවනේ. දැන් ලස්සනට වැඩ.

මේක ඒ තරම් වටින එකක් නෙමේ. වැඩි ගානක් වුනෙත් නැහැ. නමුත් මේක තමයි internet එක හරහා order
කරල මම මිලදී ගත්ත පළමු භාණ්ඩේ. ඒකයි පෝස්ට් එකක් විදියට මේක දාන්න හිතුවෙ












මේක තමයි ආපු පාර්සලේ..











ආ කියන්න බැරි උනා. මේකෙ මයික් එකකුත් තියෙනව. ඒකනම් හොඳ වාසියක්. මොකද මට හොඳ හෙඩ් සෙට් එකකුත් නෑ. මයික් එකත් හොඳට වැඩ.

විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕන www.iplusblog.com ලියන යාලුවාටත්, Techකතා ගූගල් සමූහයෙ යාලුවන්ටත්. ඒ ගොල්ලොන්ගෙ උපදෙස් සහ අත්දැකීම් මට ගොඩක් උදව් වුනා.


හෙක් හෙක්... මේ ඉන්නෙ මම. වෙබ් කැම් එකෙන් ගත්ත පළවෙනි ෆොටෝ එක.

4 comments:

  1. http://harshagemathakayan.blogspot.com/2011/10/buyincoinscom-4-port-usb-adapter.html

    http://harshagemathakayan.blogspot.com/2011/11/buyincoins-2.html

    ReplyDelete
    Replies
    1. අදහස් දැක්වුවාට ස්තූතියි යාලුවා... ඊබේ වලට වඩා හොඳයි කියලනම් මටත් හිතෙනවා.

      Delete
  2. මම හිතුවේ වෙන එකක්.....එළ ඈ....

    ReplyDelete