Friday, October 7, 2011

නිදහස් හා විවෘත මෘදුකාංග පිලිබඳ මගේ අදහස


මගේ නම් නිදහස් මාදුකාංග භාවිතය ඉතාම සුළු මට්ටමින් තියෙන්නේ. Firefox, VLC, Opera වගේ පොඩි මෘදුකාංගනම් පාවිච්චි කරනවා. ඒ හැරුනම දැනට ප්‍රධාන වශයෙන් භවිතා කරන්නෙ වානිජ මෘදුකාංග. ඇඩෝබිලාගේ මාදුකාංග තමයි මම වැඩිපුරම පාවිච්චි කරන්නෙ. නමුත් Photoshop, Aftereffects,premier, වගේ මෘදුකාංග වෙනුවට ඒ තත්ව මට්ටමින්ම තිබෙන නිදහස් මෘදුකාංග හඳුනගන්න මගේ අකමැත්තක් නෑ. උබුන්ටු මෙහෙයුම් පද්ධතිය දැනට මම අධ්‍යයනය කරමින් ඉන්නව. වින්ඩෝස් වෙනුවට තිබෙන හොඳම මෙහෙයුම් පද්ධතියක් තමයි උබුන්ටු.

මම හිතන විදියට අපි තරන්න ඕන හරිදේ. නීති විරෝධී විදියට මෘදුකාංග භාවිතා කරල කරන නිර්මාණ වලට වටිනකමක් දෙන්න අමාරුයි. ඒක නිසා නිදහස් මාදුකාංග වලට හැඩගැනේන ඕන. නමුත් ඒක දවසින් දෙකකින් කරන්න පුලුවන් දෙයක් නෙමේ. රජයෙන් ඒ සඳහාම වෙන්වු ප්‍රතිපත්තියකින් නිදහස් මෘදුකාංග ලංකාව තුල ප්‍රචලිත කිරීමට කටයුතු කළ යුතුයි. පාසල් මට්ටිමන් තමයි ඒක පටන් ගන්න ඕන.

නමුත් පාසල් වල ICT වලට ගෙඩිපිටින්ම උගන්වන්නෙ MS Office,VB, Flash වගේ වානිජ මෘදුකාංග (මම සාමාන්‍ය පෙළ කළේ 2007). ඉතින් පරිගණකයට අත තියපු දවසෙ ඉඳන් භාවිතා කරන මෘදුකාංග අත්හැරල නිදහස් මෘදුකාංග වලට හැඩගැහෙන්න ඕන කෙනෙකුට අමාරුයි.

මම හිතන විදියට දැන් අපේ රටේ නිදහස් මෘදුකාංග පිළිබඳ අලුත් රැල්ලක් නිර්මාණය වෙලා තියෙනව. ඒ තත්වය හොඳයි. රජයත් මැදිහත් වෙලා ඒක තව ජනප්‍රිය කලා නම් හරි.

මේ වන විට අපේ රට තුල හොඳ බුද්ධිමය සම්පත් ප්‍රමාණයක් බිහිවෙලා තියෙනව කියල පෙනෙන්නට තියෙනව. ලිනක්ස් කර්නල් එකෙන් අපටම කියල මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කරල සංවර්ධනය කරන්න ඒ සම්පත් ප්‍රමාණය හොඳටම ඇති කියලයි මට හිතෙන්නෙ.

No comments:

Post a Comment