මේක
මගේ නිර්මාණයක් නොවේ. පරණ පොත් ගොඩක් අවුස්සද්දි හම්බවුනු
පැරණි සඟරාවක පළ වෙච්ච ලස්සන කවි පන්තියක්. කියවලම බලන්නකෝ.... (අයිතිය මුල්
කිවිඳු සතුය.)
( 1952 සැප්තැම්බර් -
ඔක්තෝබර්, සාන්ති සඟරාව 17
කලාපය )
ලොදිළු දින පතිඳු පෙරඹර නඟින විට
මේකුළු පටින් ගිලිහෙයි බොල් තුසර කැට
ඒ අළුය මෙහි රසවත් වන හැටට හැට
තේදළු නෙළන යුවතියෙ කවි කියමි තිට
මද හස මුවඟ පෙර පෙර පෙම් මක රන්ද
පැද
කුනු කරන් ඉඟ සුඟ මත සැප බැන්ද
හොඳ යව්වනියෙ
ලැබගත් සිරි මන රන්දඅද ඔබ නිසා ඔප වෙයි ගුරුවල කන්ද
කිටි කිටි ගගා ලෙල වෙන තාලයට අතේ
අටියෙන් නැගේ සප්සර පන්සිළුගේ තතේ
පිටි සර රුසිරු යව්වන හුරු බුහුටි කතේ
දිටි වුන් ඔබට ආසිරි පිණි ඉසිනු ඇතේ
මුදු බඳ වසා ඇඳ මල් ඉතිරුන රෙද්ද
සුදු රෙදි කඩින් හිස මත සෙවනක් ඇද්ද
ඉදු යව්වනියෙ දින රද හිරිහැර දෙද්ද
නුදු රෙන් හමන සුළඟෙන් සැනසිලි නැද්ද
විඳ දල වෙහෙස දුක් දොම්නස් ගැහැට සිඳ
රැඳ වෙන වෙලාවට නිල් තේ පඳුරු මැද
ඔද ගන්වමින් නව නළු රස පෙරට ඇද
පොද වැසි සුළං තිට හං කිති කවන වද
දිවි පරිසරය රසවත් ලෙස අනා ගතේ
පිවිතුරු කරන අටියෙන් දිරි දමා හිතේ
පෙවි පෙවි සිසිලෙ රැඳුනත් දළු නෙලන කතේ
නිවි සැනසිල්ලෙ සැනසෙනු ඇඟ විඩා ඇතේ
පේමය රකින ඔය හැමගෙම රුසිරු අග
සාමය පෙරනු ඇත සැනසුම කරයි දඟ
මේකිය මනට උරනක් හෙම නොවනු දිග
හා ඔය පැසට රිදෙනව ඇති සිඟිති ඉඟ
කන් කළු මිහිරි මුවඟින් නිරතුරුව බිනු
ගැන් වී සෙනේහය රස කැළ වෙතට දෙනු
පෙම් බර උවැසියේ මදහස කරන ගොනු
චන් දන කපුරු කිම තිට තව සිනහ වෙනු
ඇම්. කේ. අප්පුහාමි
පෝද්දිවල,
තල්ගස්වල.
No comments:
Post a Comment