Friday, October 7, 2011

ආයුබෝවන් !

මගේම කියල බ්ලොග් එකක් පටන් ගත්තෙ ඔන්න අද තමයි. බ්ලොග් එකක් පටන් ගන්න හුග කාලෙක ඉදන් ආසාවක් තිබුන. නමුත් කාර්ය බහුල බවත් බ්ලොග් ලිවීම පිළිබද ඒතරම් අවබෝධයක් නොතිබුන නිසාත් මේ වැඩේ කල් ගියා...
බ්ලොග් එකක් ලියන්න ආසාවක් ඇති වුනේ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිල බ්ලොග් අඩවිය අධ්‍යයනය කිරීමෙන් සහ ඉන්දරේ සහෝදරයගෙ බ්ලොග් එක කියවීමෙන්. මම මුලින්ම ආසාවෙන් කියවපු බ්ලොග් එක තමයි ඉන්දරේ සහෝදරයගෙ බ්ලොග් එක. ඒක කියෙව්වයින් පස්සෙ තමයි මට මගේම කියල බ්ලොග් එකක් ලියන්න හිතුනෙ.
තාම ආරම්භය විතරයිනේ. දිගටම බ්ලොග් එක ලියන්න මම බලාපොරොත්තු වෙනව. හැබැයි වැඩිකල් යන්න කලින් මේක එපා වේවිද දන්නෑ. එහෙම නොවේවා කියල පතනව.

1 comment:

  1. ලියන්න ලියන්න... අපි පුළු පුළුවන් වෙලාවට ඇවිත් යන්න එන්නම්...

    ReplyDelete