මේ ඇහුනද ?
මොකද ?
ඔහේ අද හරි ලස්සනයි.
ම්හ්.
ඇත්තමයි.
මං කියල තියෙනව ඕන්නැති ඒව මට කියන්න එපා කියල.
හ්ම්ම්ම්...
...............................................
ඇයි ඔච්චර සැර ?
ඒ මගේ හැටි.
ඔයාගෙ තීරණේ වෙනස් කරන්නම බැරි ද ?
මං තීරණේ අරං ඉවරයි.
හ්ම්ම්ම්...
..................................................
වහින්න වගේ නේද ?
හ්ම්ම්...
මෙතනින් ඇවිත් ටිකක් වාඩි වෙන්නකෝ....
බැහැ.
ඇයි ?
ඔතන කුණු.
එහෙනම් මගේ උකුලෙන්...
ම්හ්.. මං කියල තියෙනව ලැජ්ජ නැති කතා මාත් එක්ක කියන්න එපා කියල. ඒ ඉස්සර.
හ්ම්ම්ම්...
..................................................
මට බඩගිනියි.
හ්ම්ම්..
අයිස් ක්රීම් එකක් කමුද ?
බැහැ.
ඇයි ?
මට සෙම.
මම අයිස් ක්රීම් කන්නං, ඔයා ගොට්ට කන්න.
ම්හ්. මං කියල තියෙනව මෝඩ කතා මාත් එක්ක කියන්න එපා කියල. හොඳට තියෙයි.
හ්ම්ම්ම්...
..................................................
අද හුළඟ හරි සැරයි නේද ?
හ්ම්ම්.
ඔයාගේ ගවුම උඩ යනව.
ඉතිං, කාටවත් මොකද ?
එහෙනම් මං බලං හිටියට කමක් නැද්ද ?
ම්හ්. මං කියල තියෙනව..... කවුරු කියලද හිතං ඉන්නේ..?
හ්ම්ම්ම්...
..................................................
ඔයා නපුරුයි.
ඒ මගේ හැටි.
මං දැකපු නපුරුම කෙල්ල ඔයා.
කමක් නෑ.
මං කළින් යාළු වෙලා හිටපු කෙල්ලවත් ඔච්චර නපුරු නෑ.
ඉතිං, මට මොකද ?
ඒක තමයි. අපරාදේ.
මං කියල තියෙනව වෙන ගෑනු ගැන.....
..............................................
(නිමි)
ලස්සනයි
ReplyDeleteබොහොම ස්තූතියි...
Deleteමේ දවස් වල කරගෙන යන ප්රොජෙක්ට් එකක රිපෝර්ට් එකක් වගේ.... :)
ReplyDeleteහික්ස්... :-) මේකත් එක විදියක ප්රොජෙක්ට් එකක් තමයි...
Deleteඇත්තමයි ඔය ටික නං.....
ReplyDeleteඅනේ මංද. මටත් හිතාගන්න බැරුවා..
Deleteලස්සනයි...
ReplyDelete