Thursday, January 26, 2012

මේ ඇහුනද ?



මේ ඇහුනද ?

මොකද ?

ඔහේ අද හරි ලස්සනයි.

ම්හ්.

ඇත්තමයි.

මං කියල තියෙනව ඕන්නැති ඒව මට කියන්න එපා කියල.

හ්ම්ම්ම්...


...............................................


ඇයි ඔච්චර සැර ?

ඒ මගේ හැටි.

ඔයාගෙ තීරණේ වෙනස් කරන්නම බැරි ද ?

මං තීරණේ අරං ඉවරයි.

හ්ම්ම්ම්...

..................................................


වහින්න වගේ නේද ?

හ්ම්ම්...

මෙතනින් ඇවිත් ටිකක් වාඩි වෙන්නකෝ....

බැහැ.

ඇයි ?

ඔතන කුණු.

එහෙනම් මගේ උකුලෙන්...

ම්හ්.. මං කියල තියෙනව ලැජ්ජ නැති කතා මාත් එක්ක කියන්න එපා කියල. ඒ ඉස්සර.

හ්ම්ම්ම්...


..................................................


මට බඩගිනියි.

හ්ම්ම්..

අයිස් ක්‍රීම් එකක් කමුද ?

බැහැ.

ඇයි ?

මට සෙම.

මම අයිස් ක්‍රීම් කන්නං, ඔයා ගොට්ට කන්න.

ම්හ්. මං කියල තියෙනව මෝඩ කතා මාත් එක්ක කියන්න එපා කියල. හොඳට තියෙයි.

හ්ම්ම්ම්...


..................................................


අද හුළඟ හරි සැරයි නේද ?

හ්ම්ම්.

ඔයාගේ ගවුම උඩ යනව.

ඉතිං, කාටවත් මොකද ?

එහෙනම් මං බලං හිටියට කමක් නැද්ද ?

ම්හ්. මං කියල තියෙනව..... කවුරු කියලද හිතං ඉන්නේ..?

හ්ම්ම්ම්...


..................................................


ඔයා නපුරුයි.

ඒ මගේ හැටි.

මං දැකපු නපුරුම කෙල්ල ඔයා.

කමක් නෑ.

මං කළින් යාළු වෙලා හිටපු කෙල්ලවත් ඔච්චර නපුරු නෑ.

ඉතිං, මට මොකද ?

ඒක තමයි. අපරාදේ.

මං කියල තියෙනව වෙන ගෑනු ගැන.....

..............................................


(නිමි)


7 comments:

  1. මේ දවස් වල කරගෙන යන ප්‍රොජෙක්ට් එකක රිපෝර්ට් එකක් වගේ.... :)

    ReplyDelete
    Replies
    1. හික්ස්... :-) මේකත් එක විදියක ප්‍රොජෙක්ට් එකක් තමයි...

      Delete
  2. ඇත්තමයි ඔය ටික නං.....

    ReplyDelete
    Replies
    1. අනේ මංද. මටත් හිතාගන්න බැරුවා..

      Delete