Monday, March 5, 2012

උදව් කිරීමේ පින සහ පව...

හැම ෆ්‍රෙඩෙක්ම වැදගත් කියල කතාවක් තිබුනට මේ වගේ වාහෙල නිසා ෆ්‍රෙඩාල නැතුව හිටියනම් හොඳයි කියල හිතෙනව. මේ සිද්ධිය වෙලා දැන් මාස අටක් විතර වෙනව.

මට ඉන්නව හරි අපූරු යාලුවො දෙන්නනෙක්. උන් දෙන්නට මොකක් හරි දෙයක් දුන්නම ආයෙ ගන්න එක ගලෙන් පට්ටයක් ගන්නව වගේ. සී අයි ඩී එක වත් දාන්න වෙනව. ගෙනිච්ච දේ ආයෙ ඉල්ලුවම ගෙනිච්ච එකා කියනව අනිත් එකා ගාව කියල. උගෙන් ඇහුවම ඌ කියනව මූ ළඟ කියල. දෙන්නම එක ළඟ තියන් ඇහුවම කියනව වෙන අහවල් !@*$%#@$% ක් ළඟ කියල. ඉතින් ආයෙ මං ළගට ගන්න ටෙලිෆෝන් කෝල්ස් 20 ක් විතර මැසේජස් 10 ක් විතර දාල අතිනුත් වියදම් කරගෙන එහේ මෙහේ ගිහින් අන්තිමේදි කුණු කතාවකුත් අහගෙන තමයි ගන්න වෙන්නෙ.

දවසක් එකෙක් ආව ඩී වී ඩී එකක් ඉල්ලගෙන. උගේ පුංචිද කොහෙද ඇවිත්ලු. පොඩි එකාට දාල පෙන්නන්න හොද මූවිස් තියෙන ඩීවීඩී එකක් දෙන්නලු. ඉතින් මමත් මූ අපේ එකෙක්නෙ කියල හිතල පොඩි එකා ගැනත් හිතල මම ළඟ පොඩි අයට හරියන මූවිස් නැති නිසා මගේ මලය ළඟ තියෙන ඌ ආසම කරන ෆිල්ම් වගයක් තියෙන ඩීවීඩී එකක් දුන්න, ඌව ශේප් කරගෙන, ආයෙ දවස් දෙක තුනකින් ගෙනත් දෙන පොරොන්දුව පිට. ( මගේ දෙයක් ගෙනියනවනම් මම ආයෙ ගේන්න කියන්නෙ මාසෙකින් විතර. මොකද මම දන්නව මූට දුන්න දෙයක් ආයෙ ගන්න දවස් දෙක තුනකින් බැරි බව. ඒත් අනුන්ගෙ දෙයක් නිසා දවස් 3,4 කින් වත් ගේපන් කියල දුන්න )


දවස් දෙක සති දෙක වුනා.........

සති දෙක මාස දෙක වුනා..........



  • කෝ බන් අර ඩීවීඩී එක ?
  • මොන ඩීවීඩී එකද බන් ?

  • එදා උඹලගෙ පුංචිද කොහෙද ඇවිත් පොඩි එකාට පෙන්නන්න කියල අරං ගියේ... අපේ මල්ලිගෙන් ඉල්ලල දුන්නෙ..
  • ආ... ඒකද බං.... අනේ බං පුංචි යනකොට පොඩි එකා ඒකත් අරං ගිහින්ද කොහෙද බං.... මම හැම තැනම හෙව්වා... හොයාගන්න නෑ බං... අවුලක් නෑනෙ...


දැන් දීපංකො මල්ලිට උත්තර....

8 comments:

  1. ඔය වගේ ඩයල් අනන්තයි හැම තැනම ඉන්නවා...වැඩේ කෙරුනට පස්සේ උන්ට වගක් නෑ...

    ReplyDelete
  2. ඔව් ඔව් බන් . ගන්න එනකොට නම් උන් වැඳගෙන එන්නෙ.ඉල්ලගන්න ගියාම අපි වැඳගෙන යන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. වැන්දම ආපහු දුන්නොත් ඇති, වැඳල වැඳල කුනු කතා ගොඩකුත් අහන්න වෙනවනේ...

      Delete
  3. අන්තිම ටික තමා හොදම //හොයාගන්න නෑ බං... අවුලක් නෑනෙ...‍‍‍‍// :-)

    ReplyDelete
    Replies
    1. මගේ ඇඟේ මාලු නටනව හලෝ මතක් වෙනකොට....

      Delete
  4. පරිස්සමින් ආස්සරේ කරපං ඔය වගේ එවුන්ව

    ReplyDelete