ආරම්භය....
සැලකිය යුතුයි !
ඔබට පරිගණක මෘදුකාංග හා දෘඩාංග පිලිබඳ සැලකිය යුතු දැනුමක් නොමැතිනම් මෙම ක්‍රියාවලිය සිදු කිරීමෙන් වලකින්න.
මෙසේ කිරීමෙන් ඔබේ දුරකථනයේ වගකීම් කාලය අහෝසි වී යනු ඇත. ඔබේ දුරකථනය අලුත මිලදී ගත් එකක් නම් එම වටිනා වගකීම් කාලය අවසන් වන තෙක් මෙසේ අත්හදා බැලීම් කිසි විටෙක කිරීමෙන් වලකින්න.
සිංහල ෆොන්ට්ස් ඉන්ස්ටොල් කළද ඇතැම් අක්ෂර (උදා- ඉස්පිලි, පාපිලි... ඇතුලත් ආදිය) පෙන්වීමේ යම් යම් දුර්වලතා පවතී. කෙසේ වුවද සැලකිය යුතු ගැටලුවකින් තොරව කියවිය හැක.
මෙසේ කිරීමේදී ඔබගේ අත්වැරදීමකින් ඔබ සතු මෘදුකාංගයකට හෝ දෘඩාංගයකට යම් හානියක් සිදුවුවහොත් ඊට මා වග නොකියන බවද සැලකුව මනාය.
මගේ Sony Ericsson K530i ජංගම දුරකථනයයේ කළින් දිස් නොවූ මගේ බ්ලොග් පිටුවේ සිංහල අකුරු සිංහල ෆොන්ට්ස් ඉන්ස්ටෝල් කිරීමෙන් පසුව දිස් වූ අයුරු..
1 වන පියවර
ප්‍රථමයෙන් අවශ්‍ය කරන ෆයිල්ස් අන්තර්ජාලයෙන් බාගත කරගන්න.
Jdflasher_AnyCID_Far(FAR Manager)
2 වන පියවර
දැන් අවශ්‍ය කරන ෆයිල්ස් අප සතුය. ඒ ෆයිල්ස් ටික extract කරගන්න.
ප්‍රථමයෙන්ම අපි ඩවුන්ලෝඩ් කරපු USBFlash_driver මෘදුකාංගය ඉන්ස්ටෝල් කරගත යුතුය. ඒ පරිගණකය විසින් ෆෝන් එකේ දෘඩාංග හඳුනාගැනීම සඳහායි. ඒ සඳහා ෆෝල්ඩර් එක ඇතුලෙ තිබෙන DPInst.exe ෆයිල් එක රන් කරන්න.
දැන් extract කරගත්ත Jdflasher_AnyCID_Far ෆෝල්ඩර් එක ඕපන් කර එය තුළ ඇති Far ෆෝල්ඩර් එක ඕපන් කරගන්න. තිබෙන ෆයිල් අතුරින් Far.exe ෆයිල් එක රන් කරන්නදැන් පරිගණකයේ කී බෝඩ් එකේ Alt සහ F1 බට්න් දෙක එකවර තදකරන්න. එවිට පහත පරිදි මෙනු එකක් මතු වේවි. එහි Just da flasher උඩ ක්ලික් කරන්න.
එවිට පහත පරිදි වින්ඩෝවක් ඕපන් වේවි.
එහි script යටතේ ඇති ලිස්ට් එකෙන් ෆෝන් os එකේ version එක තෝරන්න.
ඉන් පසු jump down into a large rabbit hole කියන කමාන්ඩ් එක ක්ලික් කරන්න. ඒ එක්කම ෆෝන් එක ක්‍රියා විරහිත කර ෆෝන් එකෙහි කී පෑඩ් එකේ C බට්න් එක ඔබාගෙන USB කේබල් එක ෆෝන් එකට කනෙක්ට් කරන්න.
තත්පර කීපයකින් පසු , පහත පරිදි මෘදුකාංගය, දුරකථනයේ සිස්ටම් ෆෝල්ඩර් එකට ඇතුලු වේ.
පහත පිළිවෙලට ෆෝල්ඩර් ඕපන් කරමින් ඉදිරියට යන්න.
Ofs > tpa > preset > system > font
ඉහත පරදි ගොස් ඕපන් කර ගත් font ෆෝල්ඩරයට අප ඩවුන්ලෝඩ් කරගත් ෆොන්ට් කොපි කරගත යුතුය. ඒ සඳහා මෙම වීඩියෝව නරඹන්න. එය තුළ සමස්ථ ක්‍රියාවලියම ඇතුලත් වේ.
වීඩියෝ පටයේ තිබුනු ආකාරයට ආපසු ප්‍රෝග්‍රෑම් එකේ ආරම්භයටම පැමිණිය යුතුය. දුරකථනයේ සිස්ටම් එකට කොපි කරපු ෆයිල්ස් සේව් වන්නේ එවිටය.
දැන් ඔබේ ජංගම දුරකථනය යූඑස්බී කේබලයෙන් ගලවා දුරකථනයේ බැටරිය ඉවත් කර නැවත යොදා දුරකථනය on කරන්න.
දැන් සිංහල අකුරු තිබෙන වෙබ් පිටුවකට හෝ වෙනත් සිංහල අකුරු ඇති ෆයිල් එකකට ගොස් බැලූ විට කළින් නොපෙනුනු සිංහල අක්ෂර දැන් හොඳින් දර්ශණය වේවි.
මෙසේ සිංහල කෙටි පණිවුඩද කියවිය හැක.
සිංහලෙන් ලිවීමටද හැකියාව සැලසිය හැක. ඒ සඳහා යුනිකෝඩ් එසැනින් පරිවර්තකය ජංගම දුරකථනයේ saved pages ෆෝල්ඩරයට කොපි කළ යුතුය.
වැදගත් !
මෙම ක්‍රියාවලිය සිදුකිරීමේදී ඔබේ අත්වැරදීමකින් ජංගම දුරකථනයේ මෘදුකාංග වලට යම් කිසි හානියක් සිදු වුවහොත් දුරකථනය නිසි ලෙස ක්‍රියා නොකිරීමට හේතුවිය හැක. යම් හෙයකින් එසේ වුව හොත් ජංගම දුරකථනයේ මෘදුකාංග නැවත ස්ථාපනය කිරීම සඳහා Sony Ericsson Update Service වෙත යන්න.
ඒ සඳහා උපකාරක වීඩියෝ පටය මෙතනින් ලබා ගන්න
යම් ගැටළුවක් ඇත්නම් විමසන්න....
සුභ පැතුම් !
මලේ සැම්සුන් එහෙකටත් ඔය වැඩේ කරන හැටි කියලා දියංකෝ පින් සිද්ද වෙනවා උඹට
ReplyDeletesamsung ph 1k mama use karalanam na. Eth mama try 1k dala balannam. Sonyercson godak model walatanam me jd flasher support karanawa. Samsung walata supprt da kyala nam dan na. Anywy I'l try and tl u ltr...
ReplyDeleteoyage ph 1ke model 1 mokakda?
ReplyDelete